You are here
Home > ප්‍රධාන-පුවත් > මහින්දානන්ද ඇප දී ගෙදර යයි

මහින්දානන්ද ඇප දී ගෙදර යයි

ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් අද දිනය දක්වා බන්ධනාගාරයට යොමු කෙරුණු හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා  අද ඇප මත මුදා හැරුණා.
ඒ ඔහු අද දිනයේදී ඇප කොන්දේසි සම්පූර්ණ කිරීම හේතුවෙන්.කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ දිනයේදී රුපියල් 35,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත හිටපු අමාත්‍යවරයා මුදා හැරුණු අතර ඔහුට විදෙස් ගමන් තහනමක්ද පැනවුණා.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් කළ දැනුම්දීමක් අනුව අලුත්ගමගේ මහතා ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදීයි අත්අඩංගුවට ගැණුනේ.
2014 ජනාධිපතිවරණ සමයේ දී කැරම් හා දාම් ලෑලි මිලදී ගැනීමෙන් රුපියල් මිලියන 39ක් රජයට අලාභ කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

Top