You are here
Home > ආසන්න-පුවත් > මහින්ද / මෛත්‍රී රහස් සාකච්ජාවක් සූදානම්

මහින්ද / මෛත්‍රී රහස් සාකච්ජාවක් සූදානම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැත්වීමට නියමිත බව අනවරණ වනවා.
කණ්ඩායම් දෙක එක්ව ඉදිරි මැතිවරණ තරග කිරීම ගැන සාකච්ඡාවක් සිදු නොවනු ඇති බවයි අදාළ වාර්කා අනාවරණ කරන්නේ.
මෙම සාකච්ඡාවට සදහා බැසිල් රාජපක්ෂ /මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න යන ඇමැතිවරුන් මුණගැසී මූලික එකඟතා ඇතිකරගෙන ඇති බව සදහන්.
එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන දිනේෂ් ගුණවර්ධන/ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් බැසිල් රාජපක්ෂ මහතා ඇතිකරගත් එකඟතාවලට එකඟ නොවන බවද දැනගන්නට ලැඛෙනවා.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ශ්‍රලනිපයෙන් ඉදිරිපත්ව තිබෙන මෙම යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් දෙපක්ෂයේ කතාබහ ඉදිරියට ගෙනයාමටත් කමිටුවක් පත් කර ඇති අතර කමිටුවට සී බී රත්නායක/බැසිල් රාජපක්ෂ හා මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඇතුලත්.
නිදහස් පක්ෂය මේ වෙනුවෙන් පත් කර ඇති කමිටුවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා / ඩිලාන් පෙරේරා හා ලසන්ත අලගියවන්න යන මහත්වරු ඇතුලත්.
මෙම කමිටු එක් වී කරන කතාබහ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට අවසන් තීරණය ගැනීමේ බලය පැවරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිඛෙනවා.

Top