මහ බැංකුවේ ලිපිගොනු ආරක්ෂා කරන්නේ විශේෂ අවධානයක්

බැඳුම්කර කොමිසමෙහි නිර්දේශ ක්‍රියාත්මක කරලීම සදහා අවශ්‍ය පියවර කඩිනම්ව ගැනීම සම්බන්ධ සාකච්ඡාවක් අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
සම්පූර්ණ වාර්තාව එළිදැක්වුණු විගස මුදල් මණ්ඩලය සමග සාකච්ඡා කොට නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස වික්‍රමසිංහ මහතා මහබැංකු අධිපතිවරයා වෙත උපදෙස් ලබාදුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ.
එසේම කොමිසම විසින් නිර්දේශ කර ඇති පරිදි වෝහාරික විගණන පරීක්‍ෂණයක් පැවැත්වීමට සුදුසු දේශීය හෝ විදේශීය ආයතනයක් තෝරා ගැනීමට කටයුතු කරමින් සිටින බව මහබැංකු අධිපතිවරයා මෙහිදී සදහන් කර තිබෙනවා.
2008 සිට 2015 දක්වා සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව නිසි පරීක්‍ෂණයක් සිදු කොට, නීතිමය ක්‍රියා මාර්ග ගතයුතු බව කොමිසම දන්වා ඇති බැවින්, මහ බැංකුවේ සියළු ලිපිගොනු සුරක්‍ෂිත කරලීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම මහබැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ ලේකම් ඇතුළත් කමිටුවකට පැවරූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *