මහ මැතිවරණයටත් , ජනපතිවරණයටත් ලෑස්තියි / රනිල් කියයි


පාර්ලිමේන්තු මැතිවරණය මෙන්ම ජනාධිපතිවරණයකටද එක්සත් ජාතික පක්ෂය සූදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කොලඹ ලිප්ටන් වටරවුමේදී පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ යුක්තියේ ජන හඩ විරෝධය අමතමින්.
පාර්ලිමේන්තුවේ බහුතරය පිළිගෙන අග්‍රාමාත්‍ය ධූරය ලබාදෙන ලෙසත් ඉන් පසු කිසිදු ප්‍රමාදයකින් තොරව මහ මැතිවරණය පමණක් නොව එදිනම ජනාධිපතිවරණයද පැවැත්වීමටත් එක්සත් ජාතික පෙරමුණ සූදානම් බවයි මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.
ජනාධිපතිවරයා ගත් තීරණ නිවැරදිදැයි තීරණය කිරීම සදහා ජනාධිපතිවරණයක් ඉතා වැදගත් වන අතරම ව්‍යවස්ථානුකූලව එම කටයුතු සිදුවිය යුතු බවද ඔහු අවධාරණය කළා.
එමෙන්ම මේ දක්වා ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කළ ශ්‍රේෂ්ඨාධිකරණයටත් , කතානායකවරයාටත් රටේ ජනතාව වෙනුවෙන් ස්තූතිය පලකරන බවද රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.

© 2019 Lanka A news - Theme by HappyThemes