මාකදුරේ මධූෂ් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්


ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවෙන මාකඳුරේ මධූෂ් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෙනු කිරීමට ඔහුගේ ඥාතිවරියක කටයුතු කර තිබෙනවා.

මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ඒමේ සූදානම් ඇති බවත් එසේ කළ හොත් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත් මෙම පෙත්සමෙන් දක්වා තිබෙනවා.
පෙත්සම්කාරිය සූරියවැව ප්‍රදේශයේ පදිංචිකාරියක බව සදහන්.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙණ නිළධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිපති, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ ස්ථානාධිපති, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති ඇතුළු පිරිසක් මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.