මාගම්පුර වරාය මාරාන්තික උපවාසයේ අයෙක් රෝහලට

තමන් වරාය අධිකාරියට බදවා ගන්නාලෙස ඉල්ලමින් ඊයේ සිට හම්බන්තොට මාගම්පුරවරායේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ක්‍රියාත්මක කරන මාගම්පුර වාරයේ සේවකයින් එකලොස් දෙනාගෙන් එක් අයෙකු අසාධ්‍ය තත්වයේ පසු වීම හේතුවෙන්  හම්බන්තොට මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මේ වන විට අනෙක් උපවාසකරුවන් අඛන්ඩව උපවාසයේ යෙදෙන බවයි අප වාර්තාකරු සදහන් කළේ.
හම්බන්තොට වරාය චීන සමාගමකට මෙහෙයුම් සදහා පැවරීමෙන් පසු මෙම සේවකයින් 438 දෙනා සේවයෙන් ඉවත් කළ බවට චෝදනා එල්ලවනවා.
තමන්ට යළි රැකියා ලබාදෙන ලෙසයි උපවාසකරුවන් රජයෙන් ඉල්ලීමක් කරන්නේ.