මානව හිමිකම් මණ්ඩලයේදී ලංකාව ගැන විමසා බැලීම අද

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විශ්ව කාලාවර්තක ඇඟයීම අද සිදුවනවා.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් සශභාගීව සිටිනවා.

සාමාජික රටවල මානව හිමිකම් තත්වය පිළිබඳව ඇගයීමක් විශ්ව කාලාවාර්තක ඇගයීම යටතේ සිදු කෙරෙන අතර, එහිදී මානව හිමිකම් තත්වය වැඩිදියුණු කරලීම සඳහා අදාළ රටවල් ගෙන ඇති පියවර පැහැදිළි කිරීමටද අවස්ථාවක් හිමිවනවා.

ජිනීවා නුවර ජගත් මානව හිමිකම් මණ්ඩලයේදී නොවැම්බර් 15 වනදා ආරම්භ වන මෙවර ඇගයීම යටතේ ශ්‍රී ලංකාව පිළිබඳව  බුරුන්ඩි, දකුණු කොරියාව සහ වෙනිසියුලාව යන රටවල නියෝජිතයන් සැකසූ වාර්තා ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජගත් මානව හිමිකම් මණ්ඩලය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මානව හිිමිකම් තත්වය මෙලෙස ඇගයීමට ලක්වන්නේ තුන්වන වරට බවයි.

මීට පෙර 2008 වසරේ මැයි මාසයේදී සහ 2012 වසරේ නොවැම්බරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මණ්ඩල ඇගයීම් සිදු කෙරුණා.

ශ්‍රී ලංකාව පිළිබඳ මෙවර පැවැත්වෙන ඇගයීමේදී රටවල් 100 කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව පිළිබඳ අදහස් දැක්වීමට බලාපොරොත්තුවෙන් සිටින බව සඳහන්.

නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වාට අමතරව මෙවර සැසිවාරය සඳහා විදේශ කටයුතු ලේකම් ප්‍රසාද් කාරියවසම් මෙන්ම ජිනීවා නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහද එක්වීමට නියමිතයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial