මාලදිවයිනෙන් ජනපති සටනෙන් චීනය පරදී

මාලදිවයින් ජනාධිපතිවරණයෙන් එරට විපක්ෂයේ පොදු අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් ජය ලබා තිබෙනවා.ඒ මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් පරාජයට පත් කරමිනුයි.
යමීන් ජනාධිපතිවරයා චීනයට පක්ෂපාතීව කටයුතු කළ අයකු වන අතර මාලදිවයිනට තුල ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කළ බවටයි ඔහුට චෝදනා එල්ලවුණේ.
එසේම ඔහු බලය ලබා ගැනීමද බලහත්කාරයෙන් සිදුකළ බවටයි හිටපු ජනාධිපතිවරයකු වන මොහොමඩ් නෂීඩ් ද චෝදනා එල්ල කළේ.
මේ අතර චීන ගැති යමීන් ජනාධිපතිවරයා පරාජයවීම පිළිබද ඉන්දියාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ මාලදිවයිනට ප්‍රජාතන්ත්‍රවාදය හිමිවීම ගැන සතුටට පත්වන බවයි.