මාලිංගගේ සුපිරි ආරම්භය පන්දු රකින්නන් අතහරී

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පළමු තරගයේ ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකාවට ලකුණු 262 ක ඉලක්කයක් හිමිව තිඛෙනවා.
තරගයේ ආරම්භයේදීම ලසිත් මාලිංග ශ්‍රී ලංකා පිලට විශිෂ්ට ආරම්භයක් ලබාදුන්නද පන්දු රකින්නන්ගේ දුර්වලතා හේතුවෙන් බංග්ලාදේශ පිතිකරුවන්ට අතිරේක අවස්ථාවන් රැසක්ම හිමිවූණා.
ඒ අනුව උඩ පන්දුවක් ගිලිහී යාමෙන් සිය කඩුල්ල ඛේරාගත් මුෂ්ෆිකර් රහීම් ලකුණු 144ක් රැස් කළා.
මේ අතර තරගයේ ආරම්භයේදීම සුරංග ලක්මාල් යොමුකළ පන්දුවක් වැදීමෙන් තමීම් ඉක්බාල්ගේ අතේ මැණික් කටුව අසලින් බිදි ගියද කඩුලු 9ක් දැවී ගියද ඔහු යළි පිටියට පිවිස මුෂ්ෆිකර් රහීම්ට තවත් ලකුණු 30ක් රැස් කිරීමට හැකිවන පරිදි තනි අතින් පන්දුවට පහරදීම විශේෂත්වයක්.
ඒ අනුව පන්දුවාර 49 යි පන්දු 3ක් තුල බංග්ලාදේශය සියල්ලන් දැවී ලකුණු 261 ක් රැස් කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් මාලිංග ලකුණු 23ට කඩුලු 4යි.
ධනංජය ද සිල්වා කඩුලු 2යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *