මාලි දේශයේදී මියගිය ලක් හමුදා සෙබලුන්ට ඩොලර් ලක්ෂයක වන්දි

මාලි දේශයේදී ත්‍රස්ත ප්‍රහාරයකින් මරණයට පත්වූ ලාංකීය හමුදා සාමාජිකයින් දෙදෙනා වෙනුවෙන් ඩොලර් ලක්ෂයක වන්දියක් ගෙවීමට එරට තීරණය කර තිබෙනවා.
ඒ එක් අයකු වෙනුවෙන් ඩොලර් 50,000 බැගින් වන පරිදියි.
යුද්ධ හමුදාවේ නිලධාරියකු සහ හමුදා සෙබළකු මෙම ප්‍රහාරයෙන් මිය ගිය අතර, එම හමුදා සාමාජිකයන්ගේ දේහයන් මෙරටට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතිනවා.
මෙම ප්‍රහාරයේ දී තුවාල ලබා රෝහල් ගත කර ඇති අනෙක් හමුදා සාමාජිකයන්ගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතළ වනවා. තවත් සෙබලුන් දෙදනකුට සිදුව ඇත්තේ සුළු තුවාල පමණයි.