You are here
Home > ක්‍රීඩා-පුවත් > මාළිංග ක්‍රිකට් පිටියට සමුදෙයි /ප්‍රකාශයකට සූදානම්

මාළිංග ක්‍රිකට් පිටියට සමුදෙයි /ප්‍රකාශයකට සූදානම්

තමන් ඉතා ඉක්මනින් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීම නිවේදනය කිරීමට සූදානම් බව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාළිංග පවසනවා. මේ වන විට අයි පී එල් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් පිලේ පන්දු යැවීමේ උපදේශකවරයා ලෙස නම් කර සිටින මාළිංග පවසන්නේ තමන් මානසිකව ක්‍රිකට් ක්‍රීඩා කර අවසන් බවයි.

මානසිකව මම ක්‍රිකට් ක්‍රීඩා කර අවසන්. මම හිතන්නේ නෑ මම තවදුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරාවි කියලා. මම මගේ විශ්‍රාම ගැනීම ඉක්මනින්ම ප්‍රකාශ කරන්න සැලසුම් කරනවා.

මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සාකච්ඡා කළේ නෑ. නමුත් මම නැවතත් දේශීය ක්‍රිකට් පිටියට ගොස් මගේ ශරීරය කෙසේ ප්‍රතිචාර දක්වයිදැයි බලනවා. දැනටමත් මගේ අයි.පී.එල්. ක්‍රීඩා දිවිය අවසන්. මම නව පරිච්ඡේදයක් මුම්බායි ඉන්දියන්ස් සමග ආරම්භ කරනවා. මම ආයේ ක්‍රීඩා නොකරාවි.

මට දැන් අවුරුදු 34ක්.  මම හිතනවා මේ මගේ වෘත්තියේ වෙනසක් වෙනුවෙන් මේ හොඳ වේලාව බව. මුම්බායි ඉන්දියස් කණ්ඩායම සමග මගේ නව ඉනිම ආරම්භ කිරීමට ලැබීම සතුටුයි.

Top