You are here
Home > ආසන්න-පුවත් > මැතිවරණය ජනවාරි 20 හා 31 අතර – කොමිසම කියයි

මැතිවරණය ජනවාරි 20 හා 31 අතර – කොමිසම කියයි

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා දෙසැම්බර් මස 11 දින සිට 20 දා දක්වා දිනවලදී කැඳවීමට මැතිවරණ කොමිසම තීරණය කර තිඛෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි කොමිසම නිවේදනය කළේ.
මැතිවරණය 2018 ජනවාරි 20ත් 31ත් අතර දිනකදී පැවැත්වීමටද තීරණය කර තිඛෙනවා.
පළාත් පාලන ආයතන සඳහා සභිකයන් සංඛ්‍යාව නිශ්චිත කෙරෙන සංස්ථාපන නියමයන් ඇතුළත් ගැසට් නිවේදනයට පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තපා මහතා ඊයේ අත්සන් කළ අතර ඊයේ රාත්‍රියේ ගැසට් පත්‍රය මුද්‍රණය කර තිඛෙනවා.
නව මැතිවරණ ක්‍රමයට අනුව කොට්ඨාස සීමා නිර්ණය කිරීමේදී 336 ක් ලෙස පැවැති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 341ක් වූ බවත් 4486ක් ලෙස පැවැති සභිකයින් සංඛ්‍යාව 8356 දක්වා වැඩි වූ බවත් ඇමැතිවරයා එහිදී සඳහන් කළා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top