මැතිවරණ කොමිසම ජන්දය කල්යාමට අප්‍රසාදය පලකිරීමට සැරසෙයි

පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් යන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් රජයට අප්‍රසාදය පළ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිඛෙනවා.
ඒ අනුව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට විරෝධය ලිඛිතව පළ කිරීමට තීරණය කර ඇති කොමිෂන් සභාව ඉන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටද සිය අප්‍රසාදය පළ කිරීමටයි තීරණය කර ඇත්තේ.
මැතිවරණ කොමිෂන් සභාව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී මෙම තීරණය ගෙන තිඛෙනවා.
පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යාම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවට එල්ලවන චෝදනා සැලකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *