මැතිවරණ කොමිසම පුංචි ජන්දයට වැඩ අල්ලයි


පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ් මහතා කියා සිටියේ ඒ සදහා අවශ්‍ය ඡන්ද මධ්‍යස්ථාන හඳුනාගැනීම් කටයුතු මේ වන විට ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව ජනවාරි මාසයේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත අතර ඊට අදාළව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අනිද්දා දිනයේදී මාධ්‍ය හමුවක්ද කැදවා තිඛෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.