මැරෙන්න බයේ වැලිකඩ කුඩු රජවරු කම්පනයෙන්

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඩුවම ලබාදීමේ තීරණය සැලවීමත් සමග වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින මරණ දඩුවම නියමවූ කුඩු ජාවාරම්කරුවන් දැඩි භීතියකට පත්ව සිටින බව එහි අභ්‍යන්තර වාර්තා අනාවරණ කරනවා.
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින මරණ දඩුවම නියමවූ මත්කුඩු ජාවාරම්කරුවන් 7 දෙනා දැඩි කම්පනයකින් කාලය ගත කරන බවයි එම වාර්තා හෙළිකරන්නේ.
මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ සිර මැදිරියේ මරණ දඬුවම නියමවුවන් 271 දෙනකු රදවා සිටිනවා.
ඒ අතරින් අභියාචනා විභාග වන සංඛ්‍යාව 47ක් පමණ වන බව සදහන්.
මේ වන විට ලංකාව පුරා බන්ධනාගාරවල මත්කුඩු හේතුවෙන් මරණ දඩුවම නියමවූ 18 දෙනකු රදවා සිටිනවා.
මෙරට අවසන් වරට මරණ දඩුවම ක්‍රියාත්මකවී ඇත්තේ 1976 වසරේ ජුනි 23 දායි.
කෙසේ වෙතත් ඉදිරියේදී අනෙක් අපරාධ සම්බන්ධයෙන්ද මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමටයි රජයේ අවධානය යොමුව ඇත්තේ.