මියන්මාර හමුදා ප්‍රධානීන්ට ජන සංහාර චෝදනා

මියන්මාරයේ හමුදා නායකයින්ට එරෙහිව ජන සංහාර චෝදනා මත පියවර ගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නවතම වාර්තාවකින් හෙළිකර තිඛෙනවා.
ඒ මියන්මාරයේ රෝහින්ග්යා සරණාගතයින්ට එරෙහි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නවතම වාර්තාවක් නිකුත් කරමින්.
මියන්මාර හමුදාව විසින් රෝහින්ග්යා ජනතාවගේ ගම්බිම් විනාශ කරමින්අපරාධ සිදුකළ බවට මෙම වාර්තාවෙන් චෝදනා කර තිඛෙනවා.
එම අපරාධ වැලැක්වීමට එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායිකා අවුන්සාන් සුකී අසමත්වූ බවටයි මේ වන විට චෝදනා එල්ලවෙමින් පවතින්නේ.