මිරිස්ස වෙරළ ඇමති මුස්තාපාගේ පුද්ගලික බූදලයක්ද ?

මිරිස්ස වෙරළ තීරයට හානිකර වන අයුරින් ක්‍රියාත්මක ඇතැම් ව්‍යාපාරික ස්ථාන ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණයවී තිබෙනවා. ඒ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඊට විරෝධය පල කිරීම සමගයි.
මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති ව්‍යපාරික ස්ථාන මුල් කරගෙන එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය අද වන විට දියුණු තත්ත්වයකට පත්ව ඇති බවටයි අමාත්‍යවරයා අදහස් පල කර ඇත්තේ.
කෙසේ වෙතත් රටේ වෙරළ තීරයට හානිකර වන අයුරින් යමක් සිදුවන්නේ නම් එය වැලැක්වීමට අදාළ නෛතික බලය හිමි ආයතනවලට අයිතියක් ඇති අතර එය සීමා කිරීමට ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාට කවර භුක්තියක් පවතින්නේද යන්න සමාජයේ අවධානයට ලක්විය යුතු වනවා.
කොලඹ ජාතික රෝහල ආසන්නයේ ඇති ජනතාව පීඩාවට පත් කරමින් අධික මිල ගණන්වලට ප්‍රමිතියෙන් තොර වෙළදසල් ඉවත් කිරීමට ගත් තීරණයටද අමාත්‍යවරයා මේ ආකාරයෙන්ම පසුගිය සමයේ විරෝධය දක්වා බාධා සිදුකර තිබුණා.
එබැවින් එක් පුද්ගලයකුගේ ජන්ද ව්‍යාපාරයක් හෝ පුද්ගලික වාසියක් වෙනුවෙන් රටේ ජනතාවගේ මුදල් හා සෞඛ්‍ය අවධානමකට ලක් කිරීමට ඉඩ හැර අනෙක් බලධාරීන් නිහඩව පසුවීම මෙරට ඛේදනීය තත්ත්වයක් ලෙසයි සැලකිය හැකිවන්නේ.
එබැවින් මෙවන් පුද්ගලයින් පාලනය කිරීම හෝ මැතිවරණවලදී අවස්ථාවාදීන් දේශපාලනයෙන් තුරන් කර ගෙදර යැවීමේ වගකීම ජනතාව ජනතාව සතු බවයි මධ්‍යස්ථ පාර්ශව අවධාරණය කරන්නේ.මෙසේ තුන්වෙනි පන්තියේ දේශපාලනයක් වෙනුවෙන් නීතියට බාධා කරන පිරිස් අධිකරණය වෙත ගෙනයාම සදහාද ජනතාව ඉදිරිපත් විය යුතු බවයි අවධාරණය කළ යුතු වන්නේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.