මිරිස්ස වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවතට

මිරිස්ස වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර තිබූ නීති විරෝධී වෙළදසල් සියල්ල ඊයේ දිනයේදී ඉවත් කර තිබෙනවා.
ඒ ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි.
කෙසේ වෙතත් මෙම අනවසර වෙළදසල් ඉවත් කිරීම නතර කිරීම සදහා එක්තරා අමාත්‍යවරයකු වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩිව බලපෑම් කළ බවයි අනාවරණවී තිබුණේ.

මිරිස්ස වෙරළ තීරයේ නීති විරෝධී ඉදිකිරීම් මුල් කර ගනිමින් විදෙස් සංචාරකයින්ට එරෙහි කටයුතු සිදුකෙරෙන බවට පසුගිය සමය පුරා අඛණ්ඩව චෝදනා එල්ල වුණා.