මිලියන 243ක බැංකු ණයක් අක්‍රීය ණයක් කළ හැටි හෙළිවේ

කැන්ඩි සිටි සෙන්ටර් ආයතනය විසින් 2009 ජනවාරි 27 වන දා හා ජනවාරි 30 වෙනි දින ලබාගත් බව කියන රුපියල් මිලියන 245ක ණය මුදලක් අක්‍රීය ණය ලෙස වර්ග කිරීමට පසුගිය රජය සමයේ පියවර ගෙන ඇති බව අනාවරණ වනවා.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදීයි මේ බව හෙළිව ඇත්තේ.
2009 අපේ‍්‍රල් මාසයේ දී අදාළ ණය මුදල අක‍්‍රීය ණය ලෙස වර්ග කර ඇති අතර  ණය හිමිකරු එම ණය මුදල කොටස් වශයෙන් මිලියන එක බැගින් මාසිකව බැංකුවට ගෙවීමට එකඟ වී ඇතත් කැන්ඩි සිටි සෙන්ටර් හි පිහිටි මහජන බැංකුවේ මාසික කුලියට එය හිලව් කරගෙන ඇති බවයි අනාවරණවී ඇත්තේ
එම හිඟ මුදල අය කර ගැනීමට බැංකුවට තවත් වසර 62ක කාලයක් ගතවනු ඇති බවත් මේ දක්වා ගෙවා ඇත්තේ මිලියන 20ක් පමණක් බවත් අදාළ වාර්තා අනාවරණ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *