මිල සූත්‍රයෙන් කිරි පිටි මිල වැඩිවෙයි


ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවීමට පාරිභෝගික අධිකාරිය අවසර ලබාදී තිබෙනවා.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 60කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 25කින් මේ සමග ඉහළ යන බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 920 දක්වාත්, ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 370 දක්වාත් වර්ධනය වනවා.

ආනයනික කිරිපිටි මිල සම්බන්ධ මිල සූත්‍රය අනුවයි මෙම පියවර ගෙන ඇත්තේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published.