මිල සූත්‍රය බොරුවක් /ලෝක වෙළදපලේ තෙල් මිල ගැන ජවිපෙ කියයි-Audio

ලෝක වෙළදපලේ ඉන්ධන මිල වැඩිවී නොතිබියදී රජය විසින් ඉන්ධන මිල ඉහල දැමීම මිල සූත්‍රයක් හේතුවෙන් සිදුවූවක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරනවා.
අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ රජය ජනතාවගෙන් අසාධාරණ ලෙස මුදල් අය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.