You are here
Home > විදෙස් > මිසයිල ප්‍රහාරවලින් සවුදිය ආරක්ෂිතයිලු

මිසයිල ප්‍රහාරවලින් සවුදිය ආරක්ෂිතයිලු

හුදි කැරලිකරුවන් සවුදි අරාබිය ඉලක්ක කර ගනිමින් එල්ල කරන මිසයිල ප්‍රහාර පිළිබද ලෝක නායකයින් දැඩි අවධානයක් යොමුකර තිබෙනවා. ඒ සවුදි අරාබියට එල්ලවූ මිසයිල ප්‍රහාර 7ක්ම සාර්ථකව මැඩ පැවැත්වීමට එරට හමුදා සමත්වීමෙන් පසුවයි.
රියාද් හී වැඩි ජනගහනයක්වෙසෙන කලාප වෙතයි මෙම මිසයිල ප්‍රහාර ඉලක්ක කර තිබුණේ.
කෙසේ වෙතත් සවුදි මිසයිල නාශක පද්ධතිය විසින් ඒවා ව්‍යාර්ථ කලද ඒවායේ සුන්බුන් කඩා වැටීමෙන් ඊජීප්තු ජාතිකයකු මිය ගොස් තවත් දෙදනකු තුවාල ලැබුවා.
මෙම මිසයිල ප්‍රහාරවලින් සවුදි අරාබියේ කිසිදු නගරයකට හානිවීමට ඉඩ නොතබන බවයි සවුදි රජය නිවේදනය කර ඇත්තේ.
මෙම ප්‍රහාර සදහා මිසයිල ඉරානය විසින් සපයා ඇති බවට චෝදනා එල්ල කෙරෙනවා.

Top