මීතොටමුල්ල කුණු කන්ද ගිනි ගැනීමේ රහස හෙළිවෙයි

මීතොටමුල්ල කුණු කන්ද දිගින් දිගටම ගිනි ගැනීමට ලක්වන්නේ එහි මීතේන් වායුව අධික ලෙස නිෂ්පාදනයවීම නිසා බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාවට පැමිණෙන විට මීතේන් වායුව නිෂ්පාදනය ඉහළ යන බවත් ඉන්පසුව ගිනිගැනීම් ඇති වන බවත් මහාචාර්යවරයා සදහන් කළා.

මීතේන් වායුව නිෂ්පාදනය වීම හරහා ගිනිගැනීම්වලට ලක්වීමට අමතරව පිපිරීම්ද ඇති විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ නිසා සියලුම කුණු කඳුවල නිෂ්පාදනය කරන මීතේන් වායුව බට යොදාගෙන පිටතට ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද හෙමහාචාර්යවරයා සදහන් කළා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *