මීළග ජනාධිපති පොහොට්ටුවෙන් / ප්‍රසන්න රණතුංගගෙන් අනාවැකි

මෙරට මීළග ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් බිහිවන බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
පොදුජන පෙරමුණේ මැයි දින රැළිය පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කළා.

මේ රටේ පැවැති මැයි රැලි අතරින් ‍‍‍අතිසාර්ථකවූත් දැවන්තවූත් මැයි රැලි පැවැත්වීමේ ගෞරවය මේ වන විට ඒකාබද්ධ විපක්ෂයට හිමිවෙලා ඉවරයි. ගෙවුණු අවුරුදු තුනේ දී අපි පවත්වන ලද කිරුළපන, ගෝල්ෆේස් මෙන්ම මෙවර ගාල්ල මැයි රැලිය ද ඊට සාක්ෂි දරනවා.

අපිට මතකයි පසුගිය වතාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය පැවැත්වුණෙත් ගාල්ලෙදි කියලා. ඒ රැලියට ආවා වගේ දහස් ගුණයක ජනතාවක් මෙවර ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට පැමිණ සිටියා. ඒකාබද්ධ විපක්ෂය මේ රටේ ආණ්ඩු හොල්ලපු බලවේගයක් බවට පත්වෙලා ඉවරයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී අපි ලෝකයටම පෙන්නු‍වා ආණ්ඩුවට වඩා ජනතාවක් අපිට ඉන්නවා කියලා.  ඒ වගේම ආණ්ඩුවට එරෙහිව රට පුරා පවත්වන ලද සෑම ජනරැලියකදීම අපි අපේ ශක්තිය පෙන්නුවා.  ඒ අනුව බලන කොට අද රට පාලනය කරන්නේ ජනවරමක් නැති ආණ්ඩුවක්.

ඒකාබද්ධයේ ශක්තිය කොච්චරද කියනවා නම් ජනාධිපතිගේ පක්ෂය මඩකලපුවට තල්ලු කරලා අගමැතිගේ පක්ෂය ගෘහස්ථ ක්‍රීඩාංගණයකට කොටු කරන්න තරම් හැකියාවක් අපට ලැබිලා තියෙනවා.  දැන් ආණ්ඩුව මැයි රැලියක්වත් තියාගන්න බැරි තරම් දුර්වල තත්ත්වයකට වැටිලා ඉවරයි.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ මට මතක ඇති කාලයේ පටන් මම තාත්තත් එක්ක මැයි රැලිවලට සහභාගී වෙලා තියෙනවා.


Lankaanews දවසේ වීඩියෝව 2018.05.22