මුල් තරග 2 අකිලට අහිමි වෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මුල් තරග 2ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට අහිමිවනු ඇති බව වාර්තාවනවා.
ඒ ඔහුගේ බිරිඳ දරු පූසූතියට සූදානමින් පසුවීම හේතුවෙනුයි.
ඒ අනුව ලබන 15 හා 17 අතර දිනවල පැවැත්වෙන තරග සදහා අකිල ධනංජය එක් නොවනු ඇති අතර දිල්රුවන් පෙරේරා හෝ අමිල අපොන්සු ඒ වෙනුවට ක්‍රීඩා කරනු ඇති බවයි සදහන් වන්නේ.