මුස්ලිම් කොන්ග්‍රසය අවසන් තීන්දුව ගනී / සහය අගමැතිට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පල කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය නිල වශයෙන් තීරණය කර තිබෙනවා.
එහි නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා මේ බව සදහන් කළේ දාරු සලාම් හීදී මීට සුලු මොහොතකට පෙර අවසන් වූ පක්ෂ උත්තරීතර මණ්ඩලයේ සාකච්ජාවෙන් පසුවයි.
ඒ අනුව එක්සත් ජාතික පෙරමුණ ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බව ඔහු අවධාරණය කළා.