මුහුදෙන් ආ හැකි අවධානමක් ගැන රතුවිතානගෙන් අනාවැකියක්

මේ යුගයේ ආගන්තුක විපත් වැඩිය. ඩෙංගු වැනි රෝග නම් වළක්‌වාගත හැකිය. එහෙත් සොබා දහම කෝප වීමෙන් හදිසියේ ඇතිවන භූමි කම්පා, සුනාමි වැනි බිහිසුණු විපත් එසේ වළක්‌වා ගැනීම අපහසු ය. හිටි හැටියේ ඇතිවන එබඳු විපත්වලින් එකවර ලක්‍ෂ සංඛ්‍යාත මිනිස්‌ ජීවිත ගණනක්‌ අහිමි වෙයි.

එහෙත් ජ්‍යෙතිෂයේ දැක්‌මෙන් එබඳු විපත් සිදු වූ පොදු සිද්ධාන්ත හඳුනා ගැනීමට බැරි කමක්‌ නැත. අහේතුවකට මෙන් අපේ රටේ ජ්‍යෙතිෂ පර්යේෂණායතනයක්‌ නැති කම නිසා එවැනි විපත් සිදු වූ වකවානු හා එයට තුඩු දුන් ග්‍රහචාරයන් පිළිබඳ පූර්ව වාර්තා අපට ඇත. එහෙත් ප්‍රවීණ ජ්‍යෙතිෂඥයකු වූ බී. වී. රාමන් මහතා එබඳු සිදුවීම් වාර්තාගත කර ඇත. වත්මන් ජ්‍යෙතිෂවේදීන්ට එම වාර්තා බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි. යළිත් සුනාමියක්‌ එයිද? එසේ නම් එය සිදුවිය හැක්‌කේ කෙබඳු ග්‍රහචාරයක්‌ ඇති විටෙකද යනු විමසා බලන්නට ලියන මෙම ලිපියටද බී. වී. රාමන් පඬිතුමාගේ වාර්තා ප්‍රයෝජනයට ගනිමි.

එම වාර්තා අනුව පෙනී යන්නේ භූමි කම්පාවලට හා සුනාමිවලට ප්‍රමුඛ වන්නේ සූර්යා ප්‍රමුඛ ග්‍රහ පිහිටීම් බවය. එම න්‍යායයන් මනඃකල්පිත හෝ සිතින් මවාගත් ඒවා නොවේ. භූමි කම්පා හා සුනාමි ව්‍යසනයන් සිදු වූ හැම අවස්‌ථාවක දක්‌නට ලැබෙන පොදු – එක හා සමාන ග්‍රහ පිහිටීම් සමානකම් සහිතය. ජ්‍යෙdතිෂයේ දැක්‌වෙන එම ලක්‍ෂණ වූ කලී තාරකා විද්‍යාඥයන්ගේ නිගමන වලටද බොහෝ දුරට සමානය. පෘථිවියෙහි භූමිකම්පනයෙන් සෞරග්‍රහ ක්‍රියාදාමයේ සිදුවීම් මගින් කුළු ගැන්වෙන බව එකී විද්‍යාඥයන්ගේ අනාවරණවලටද එක`ගය.

පෘථිවි තලයට එල්ලවන පින්න, මීදුම, වර්ෂාව, දිය උල්පත් ඇළ දොළ, ගංගා, සාගර ආදිය කෙරෙහි සූර්යයා Rජවුම බලපෑම් කරන හෙයින් අතීතයේ ජීවත්aවූවෝ සූර්යා දෙවියෙකු ලෙස සළකා වැඳුම් පිදුම් කළ බව සිතා ගත හැකිය.

ගර්ග සංහිතා නැමති පැරණි පොතක, සූර්යා මතුපිට ඇතිවන කළු ලප නිසා භූ චලන ඇතිවන බවක්‌ සඳහන් කර ඇත. ගර්ග ඉසිවරයා විසින් ලියා ඇති එම සිද්ධාන්තය හැබෑ වූ බවක්‌ 1960 මැයි මාසයේ දිනෙක සිඳු වූ මහා භූමි කම්පාවකින්ද අනාවරණය වූ බවක්‌ සඳහන්ය. එම භූමිකම්පාව සිදු වීමට දින 2කට කලින් මධ්‍යාහ්න රේඛාව හරහා කළුÊදුමාරයක්‌ ගමන් කළ බවක්‌ සඳහන් කරයි. ගිනි කඳු පිපිරීම්වලටත් එය ප්‍රමුඛ වූ බවක්‌ වාර්තා වේ.

මෙම භූමි කම්පා සඳහා සූර්යා පමණක්‌ නොව චන්ද්‍රයාද නොමද දායකත්වයක්‌ දෙන බවක්‌ පෙනේ. භූ කම්පන ඇතිවන අවස්‌ථාවේදී උදාව තිබූ ලග්නයෙන් කේන්ද්‍රස්‌ථානයක හෝ 12 වැන්නේ හෝ 8 වැන්නේ ගුරු ග්‍රහයා ගමන් කරමින් සිටි බව මහාචාර්ය බී. වී. රාමන් ප`ඩිතුමා සඳහන් කරයි. හැම භූමි කම්පාවක්‌ සඳහාම ගුරු හා රාහු ගේ සුවිශේෂ බලපෑමක්‌ වූ බවද කියයි. ඉකුත් භූමි කම්පා හැම එකක්‌ම පාහේ අමාවක හෝ පසළොස්‌වක දිනයක්‌ ආසන්න දිනෙක සිදු වී ඇති බවත් අනාවරණය වේ. පරාසර Rෂීන් විසින් ලියා ඇති පරාසර හෝරා නමැති පොතේ තුන් වැනි කොටසෙහි භූමි කම්පා ගැන දීර්ඝ විස්‌තරයක්‌

ලියා ඇති බවක්‌ කියතත් අවාසනාවකට මෙන් එම පොතේ එම කොටස සොයා ගැනීමට අපොහොසත් බවත් එහෙත් එහි සටහන් කීපයක්‌ තමා සතුව ඇති බවත් රාමන් ප`ඩිතුමා සඳහන් කරයි.

භූමි කම්පාවන් සිය ගණනකට වැඩි ප්‍රමාණයක්‌ පිළිබඳව කරන ලද සියුම් හැදෑරීමකදී පහත සඳහන් සුවිශේෂ කරුණු හෙළිදරවු කරගත හැකි වූ බව බී. වී. පඩිතුමා සඳහන් කරයි.

භූමි කම්පාවන් සිය ගණනකට වැඩි ප්‍රමාණයක්‌ පිළිබඳව කරන ලද සියුම් හැදෑරීමකදී පහත සඳහන් සුවිශේෂී කරුණු හෙළිදරවු කරගත හැකි වූ බව බී. වී. රාමන් ප`ඩිතුමා සඳහන් කරයි.

1. හැම විටෙකම නොවූවත් බොහෝවිට භූමි කම්පාවක්‌ සිදු වී ඇත්තේ සූර්ය – චන්ද්‍ර ග්‍රහණයක්‌ වූ දිනෙක හෝ අමාවක – පසළොස්‌වක දිනයක්‌ හෝ ඒ ආසන්න දිනයක්‌ තුළදී ය.

2. එසේම බොහෝ භූ චලනයන් සිදු වී ඇත්තේ මධ්‍යම රාත්‍රී ආසන්නයේ හෝ දිවා මධ්‍යමය ආසන්නයේ නොවේ නම් පාන්දරය.

3. ප්‍රධාන ග්‍රහයන් වන කුජ, ශනි, ගුරු හා රාහුත් කුඩා ග්‍රහයන් වන බුධ හා සඳත් අෙන්‍යාන්‍ය කේන්ද්‍රගතව පිහිටීමෙන් හෝ අෙන්‍යාන්‍ය ත්‍රිකෝණ ගතව පිහිටීමෙන් තැන්පත්ව සිටීම හා තත්කාල කේන්ද්‍රයේ 10 වැන්නට හා සිවු වැන්නට ආසන්නව පිහිටීම

4. චන්ද්‍රයා ඉතාම වැදගත් කාර්ය භාරයක්‌ උසුලයි. අදාළ දිනයන්හි පවත්නා නැකත භූමි කම්පාව සිදුවන ප්‍රදේශය පිළිබඳව ඉ`ගියක්‌ දෙයි.

5. ප්‍රධාන වශයෙන් පඨවි රාශිවල හෝ වායෝ රාශි වල තැන්පත්ව සිටීම.

6. දිනයෙහි පවත්නා නැකත පඨවි හෝ වායෝ මණ්‌ඩලයට අයත් වීම.

ඉන්දියා අර්ධද්වීපයේ එතෙක්‌ මෙතෙක්‌ ඇති වූ දරුණුම භූමි කම්පාව ලෙස සැළකෙන්නේ 1737 ඔක්‌තෝබර් 11 වැනිදා ගංගා නම් ග`ග හා කල්කටා ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූවකි. එදින මධ්‍යම රාත්‍රියේ එම භූමි කම්පාව සිදුවන විට තත්කාල කේන්ද්‍රය මිථුනය විය. ලග්න රාශියේ ශනිද තුන්වැන්නේ ශුක්‍ර – රාහු ද හතර වැන්නේ රවි – කුජ ද පස්‌ වැන්වේ බුද 9 වැන්නේ ගුරු හා කේතු ද සඳු 10 වැන්aනේද පතිතව සිටියහ. මෙම ව්‍යසනයෙන් ලක්‍ෂ 3 ක්‌ පමණ මරුමුවට පත් විය.

ශ්‍රී ලංකාවේ සුනාමි ව්‍යසනය වූයේ 2004 දෙසැම්බර් 26 වැනි පුර පොහොය දා උදේ 09. 25ට පමණ ය. එවිට උදාවූ තත්කාල කේන්ද්‍රය ශනිට අයත් මකරය විය. ශ්‍රී ලංකා කේන්ද්‍රය අනුව 12 වැන්නාධිපතිගේ ලග්නය විය. 12 යනු සාගරය නියෝජනය කරනු ලබන රාශියයි. ලග්නය ඇතුළු අනෙක්‌ කේන්ද්‍රස්‌ථාන තුනම චර රාශීන් ය. හැම වර්ෂයකම මැයි මාසයට යෙදෙන පුර පොහොය උදාව 2018 වර්ෂයේ අප්‍රියෙල් මස 29 වැනිදා යෙදෙයි. එම පොහොය උදාව එදින උදේ 06.37 ටය. යළිත් මැයි මස 28 වැනිදා සවස 06.40ට පුර පොහොය ලබයි. එය අධිපොහොය නමින් හැඳින්වේ. මෙබඳු අධි පෝය උදාව මෙයට පෙරද යෙදුනු අවස්‌ථා වේ.

බොහෝ විට සුනාමියක්‌ සිදු වීමේ අවස්‌ථා යෙදෙන්නේ පුර පෝය හෝ අමාවකට ආසන්න යුගයකදී බව මේ ලිපියේ මුලින් සඳහන් කළෙමි. ඒ අනුව 2018 අප්‍රියෙල් – අග හා මැයි මුල දිනවල මුහුදේ වෙනස්‌ වීමක්‌ සිදුවේද යනු සළකා බැලිය යුතු ය. ඒ වගකීම ආකාශ වස්‌තු පර්යේෂණාගාරයට පැවරෙයි.

මුහුද හි ආකාශය පිළිබඳ විපර්යාසයන් සඳහා බොහෝ විට නැප්චූන් හා යුරේනස්‌ ග්‍රහයන් දෙදෙනාටද ප්‍රමුඛ වේ. මුහුද කැළැඹීම්, නැව් ගිලීම්, අහස්‌ යානා වැටීම් ආදියට එම ග්‍රහයන් දෙදෙනා පුරෝගාමී වෙති. 2018 වර්ෂයේ පුර පොහොය ලබන විට එකී ග්‍රහයන් දෙදෙනාම මේෂ රාශිය ආශ්‍රිතව ගමන් කරති. රවි ගමන් කරන්නේ මේෂ රාශිය හරහා ය. එහෙයින් එකී කාල පරිච්ඡේදය තුළ අහසේ හෝ සාගරයේ හෝ කුමන අන්දමේ විපර්යාසයකට ඉඩකඩ නැත්තේ නොවේ.

2018 අප්‍රියෙල් මාසය තුළ බුධ, ගුරු හා ශනි යන ග්‍රහයන් මෙසේ විපරීතවන විට වායු ගෝලයේ විපරිතතා ඇති කෙරේ.

මුහද ගොඩගැලීමක්‌ ගැන සඳහන් වන්නේ බොහෝ අතීතයේ දීය. ඒ කාවන්තිස්‌ස යුගයට ආසන්නවය. ඒ පුවත මනඃකල්පිත එකකැයි බොහෝ දෙනෙක්‌ විශ්වාස කළහ. එහෙත් මෑතකදී සිදු වූ සුනාමි ව්‍යසනය නිසා එකී සිsදුවීම සත්‍යයක්‌ බව තහවුරු විය. තවම සිදු නොවූයේ විශ්වයේ ගමන් කරන ග්‍රහයන් දෙදෙනෙකු ගේ ගැටීමක්‌ හෝ විශ්වගත ග්‍රහයෙකු මහ පොළොවට කඩා වැටීමත් පිළිබඳ සිදුවීමක්‌ පමණි. ක්‍ෂය වර්ෂය උදා වන විට එබඳු දෙයක්‌ නොවෙතැයි කාට කිව හැකිද?

ලෝකයේ හැම බලවත් රාජ්‍යයක්‌ම ලෝක සාමය ගැන කථාකරමින් තුන්වැනි ලෝක සංග්‍රාමයට සූදානම් වීම සඳහා අවි මුවහත් කරන යුගයකි මේ. ඒ වූ කලී සොබා දහමට පටහැනි ක්‍රියාවකි. හැම බරපතළ විනාශයක්‌ම වූයේ සෙනසුරු නීච වූ අවස්‌ථාවලය. 1939 දෙවන ලෝක යුද්ධය ඊට නිදසුන් ය. යළි සෙනසුරු නීච වන්නේ 2030 දී පමණ ය.

ආචාර්ය පියසේන රතුවිතාන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *