You are here
Home > ආසන්න-පුවත් > මේ …මිනිස්සුද ? සත්තුද ? වහා අත්අඩංගුවට ගන්න

මේ …මිනිස්සුද ? සත්තුද ? වහා අත්අඩංගුවට ගන්න

කිළිනොච්චිය අම්බාලකුලම් ගම්මානයේදී දිවියකු මුල් කර ගනිමින් ඊයේ හටගත් සිද්ධිය මේ වන විට සමාජයේ දැඩි අවධානයක් දිනාගෙන තිබේ.
එය තමිල්නාඩුවේ නිෂ්පාදනය කෙරෙන දෙමල චිත්‍රපයටක මෙන් කඩු / පොලු / මුගුරුවලින් පහරදෙන නොදියුණු මට්ටමේ හැසිරීමක් ප්‍රදර්ශනය කරන අවස්ථාවකට මනා උදාහරණයකි.
අම්බාලකුලම් ගම්මානයට කඩාවැදුණු මෙම දිවියා ගම්වාසීන් 4 දෙනකු සපා කෑ බවත් ගම්මානයේ ගවයන් හා එළුවන් දඩයම් කිරීමට උත්සාහ දැරූ බවත් ප්‍රධානතම චෝදනාව වේ.
එහිදී වනජීවී නිලධාරීන් හිස් අතින් එහි පැමිණ තිබුණේ දිවියා සමග සාකච්ජා කර කැදවාගෙන යාමටද යන්න මූලිකව මතුවන පැනයකි.
අනතුරුව වනජීවී පශූ වෛද්‍යවරයා එහි පැමිණ දිවියා නිර්වින්දනය කිරීමේ මෙහෙයුම ආරම්භ කර තිබුණද එහදීත් දිවියාගේ පහරදීමෙන් එක් වනජීවී නිලධාරියකු තුවාල ලබාතිබුණි.
කෙසේ වෙතත් මෙහිදී අශීෂ්ට හැසිරීමක් ප්‍රදර්ශනය කළ පිරිසක් බල්ලාගේ වැඩේ බූරුවා කිරීමට භාරගත් හෙයින් වනජීවී නිලධාරීන් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබුණේ 5 දෙනකුට තුවාල කළ දිවියකු නිදැල්ලේ හැරීමට ඉඩ තබමිනි.
එය වෘත්තීය ගරුත්වයට මෙන්ම සදාචාරයටද යහපත් බව පිළිගත නොහැකිය.
යම් හෙයකින් බාධාවක් පැවතියේ නම් පොලිසියේ මැදිහත්වීමෙන් එය ඉවත් කර ගැනීමට ඔවුන්ට ඉඩ නොතිබුණා යයි සිතීමටද අපහසුය.
කෙසේ වෙතත් ඉතා තිරිසන් හැසිරීමක් පෙන්නුම් කළ ගම්වාසීන් කණ්ඩායමක් විසින් දිවියා ඝාතනය කරනු ලබන්නේ ඉතා අවාසනාවන්ත ආකාරයට බව පැහිදිලිවේ.
එය ශිෂ්ට සමාජයකට උචිත නොවන අතර එවන් පුද්ගලයින් පුනුරුත්ථාපනයකින් තොරව සමාජයේ පසුවීමද ඇති කරනු ලබන්නේ යම් කම්පනයකි.
කෙසේ වෙතත් මෙම සිදුවීම සිදුව අවසන් වුවද මෙහි අමතක කළ නොහැකි කොටසක් ඇත.
එනම් දිවියා යනු වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති ආරක්ෂිත සත්ත්වයකු වන හෙයිනි.
මෙරට නීතියට අනුව දිවියකු ඝාතනය දඩුවම් ලැබිය හැකි වරදකි.
එහෙයින් එම වරද සිදුකරනු ලබන ආකාරය හා ඊට සම්බන්ධ පිරිස් වීරයින් ලෙස හැසිරෙන මන්දබුද්ධිත ස්වාභාවයද වීඩියෝ දර්ශන තුල මනාව ඇතුලත්ව තිබේ.
දැන් දිවියාගේ වාරයද තිරිසනුන්ගේ වාරයද අවසන්ව තිබේ.
දැන් ඉතිරිව ඇත්තේ වනජීවී අමාත්‍යවරයාගේ හා නීතියේ වාරයයි.
එහෙයින් ආරක්ෂිත සත්ත්වයකු ඝාතනය කළ මෙම නොදියුණු වනචාරීන් වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම අදාළ අංශ වෙත පැවරී තිබේ.
එමෙන්ම මෙහිදී වනජීවී නිලධාරීන්ද යුතුකම පැහැර හැරීම පිළිබද විධිමත් පරීක්ෂණයක් සිදුවීම අත්‍යාවශ්‍යය.
මේ වනජීවී අමාත්‍යවරයාගේ හා නියේජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය පිණිසයි.

 

අමල් අල්මේදා

Top