මෛත්‍රීට 6ක් පුළුවන් නම් මහින්දත් ඊළග ජනාධිපතිවරණයට

වත්මන් ජනපතිගේ ධූර කාලය 2021 දක්වා පවතී යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කළහොත් මීළඟ ජනාධිපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු යැයි එහි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ හමුවකදී යෝජනා කර තිඛෙනවා.
ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාට 19 වන සංශෝධනය අදාළ නොවන්නේ නම් ඊට පෙර සිටි ජනාධිපතිවරුන්ටද එය අදාළ නොවන බවටයි මෙහිදී අදහස් පලව ඇත්තේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයට බලපාන්නේ නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළහොත් පමණක් මේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි.