මෛත්‍රී / මහින්ද / බැසිල් රහස් සාකච්ජාවක ?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර රහසිගත තීරණාත්මක දේශපාලන සාකච්ඡාවක් පසුගිය බදාදා රාත්‍රියේ කොළඹදී පවත්වා ඇති බව සති අන්ත රිවිර පුවත්පත විසින් වාර්තාකර තිබෙනවා.

එස් බී දිසානායක මන්ත්‍රීවරයාගේ නිවසේදී මෙම සාකච්ජාව පවත්වා ඇතැයි සදහන්.

ජනාධිපති මෛත්‍රීපාල මහතා තමන්ට බැසිල් රාජපක්ෂ මහතා මුණගැසිමට අවශ්‍ය බවට දැනුම්දීමක් කර තිබූ බවත් ඊට හිටපු ජනාධිපතිවරයාද එක්විය යුතු බවට බැසිල් රාජපක්ෂ මහතා කොන්දේසියක් ඉදිරිපත් කළ බවත් ප්‍රකාශිතයි.

සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ ශ්‍රී.ල.නි.ප.යේ දෙපක්ෂය එක්වීමට අදාළ කරුණු බව ද කියවෙනවා.තීරණාත්මක අයවැය ඡන්දය / ශ්‍රීල.නි.ප.යේ දෙපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීන් 96 දෙනා සහ රජය ගැන කලකිරී සිටින තවත් සෑහෙන මන්ත්‍රීන් පිරිසකගේ සහාය ලබාගෙන පාලන තන්ත්‍රයේ වෙනසක් කළ හැකි ආකාරයආදී කරුණුද මෙහිදී අවධානයට ලක්ව ඇති බවයි අදාළ වාර්තාව හෙළිකරන්නේ.

කෙසේ වෙතත් සාකච්ඡාවේ මූලික හරය වී තිබෙන්නේ දෙපක්ෂයම එකිනෙකාට සහය වී බාහිර පාර්ශ්වවලද උදව් ඇතිව නව පාලන තන්ත්‍රයක් ස්ථාපිත කිරීම බවද වැඩිදුරටත්සදහන් කර තිබෙනවා.