මෝදිගෙන් සිංහල ට්විටර් පණිවිඩයක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් සිංහල භාෂාවෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
ඒ මහත්මා ගාන්ධි තුමන්ගේ 150 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායක යුගලක් වන භාතිය සන්තුෂ් හා උමාරියා විසින් ගායනා කළ භජන් ගීතයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිදහස් චතුරසූයේදී එළිදැක්වූ බව සදහන් කරමිනුයි.