මෝදිගේ පක්ෂය පල්ලම් බසී / ඒත් ජන්දය දිනුම්

ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයෙන් ගුජරාට් හා හිමචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ යළිත් සිය බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නායකත්වය ලබා දෙන භාරතීය ජනතා පක්ෂය සමත් වුණා.
ඒ අනුව ගුජරාට් ප්‍රාන්තයේ ආසන 182 න් 103 ක් බී ජේ පී පපක්ෂයටත් ආසන 78 ක් කොන්ග්‍රසයටත් හිමිව තිඛෙනවා.
වෙනත් පක්ෂ දිනාගෙන ඇති ආසන ගණන 1ක්.
කෙසේ වෙතත් බී ජේ පී බලකොටුවක් වන ගුජරාටයේ ආසන විශාල ගණනක් පෙරට සාපේක්ෂව මෝදිගේ පක්ෂයට අහිමිවී තිඛෙනවා.
2012 මැතිවරණයේසී ඉන්දීය අගමැතිවරයාගේ පක්ෂයට ගුජරාටයේ ආසන 115ක් හිමිව තිබුණා.
කොන්ග්‍රසයට එවක හිමිව තිබුණේ ආසන 61 ක් පමණයි.
මේ අතර හිමචල් හී බලයද බී ජේ පී පක්ෂයට හිමිවුණා.
අනුව ප්‍රාන්ත ආසන 68 න් 43 ක් බී ජේ පී පක්ෂයටත් 22ක් කොන්ග්‍රයටත් හිමිව තිඛෙනවා.