යශෝධ රංගෙ බණ්ඩාර රක්ෂිත බන්ධනාගාරයට

රජයේ දේපලක් සාපරාධී සාවද්‍ය පරිහරණය, බීමත්ව රිය පදවා රිය අනතුරක් කිරීම, කඩුවක් සන්තකයේ තබාගෙන තහනම් පිහි ආඥා පනත යටතේ වරදක් කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගෙ බණ්ඩාර ලබන 12 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ආරච්චිකට්ටුව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

යශෝධ රංගෙ බණ්ඩාර පසුගියදා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන ආමාත්‍යාංශයට අයත් වාහනයකින් ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්වූ අතර එහිදී එම රථයට දැඩිව හානි සිදුව තිබුණා.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *