යාපනයේ කඩු කල්ලියක ප්‍රහාරයකින් 9 දෙනෙකුට තුවාල

යාපනයේ කෝපායි සන්දිලිපායි ප්‍රදේශයේදී හා ඊට නුදුරින් පිහිටි තවත් ස්ථාන දෙකකදී 14 දා රාත්‍රී කඩුවලින් කැපීම නිසා පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.
කෝපායි ප්‍රදේශයේදී නිවසකට ඇතුළු වු කඩු ගත් පිරිසක් එම නිවසේ තුන්දෙනෙකු කපා කොටා තුවාල සිදු කොට ඇති අතර ඔවුන් ආපසු යමින් සිටියදී ත්‍රී රෝද රථ හිමියෙකුවද කඩුවලින් කපා ඇත.
කඩුගත් පිරිස මේ හතර දෙනාට තුවාල සිදු කොට පලා යන අතරදී යාපනයේ තවත් ස්ථාන දෙකකදී තවත් පුද්ගලයින් පස් දෙනෙකුව කඩුවලින් කපා ඇත.
කඩු ගත් පිරිස කවුරුන්ද යන්න හෝ මේ අන්දමට තැනින් තැන කපා දැමීම් සිදු කළේ මන්ද යන කාරණය පිළිබදව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ යාපනය කොකුවිල් කාර්මික විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් එකිනෙකාට පහර දී ගැනීමෙන් සිසුන් හතර දෙනෙකු රෝහල්ගත කොට තිබීමේ සිද්ධියට අමතරවය.
මේ සියළු සිද්ධීන් සම්බන්ධයෙන් යාපනය පොලීසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
කිසිදු සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු අත් අඩංගුවට ගැනීමක් පිළිබදව තොරතුරු වාර්තා වී නොමැත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Social media & sharing icons powered by UltimatelySocial