You are here
Home > ආසන්න-පුවත් > යාපනයේ කඩු කල්ලිය කොටුකරන්න/ විනිසුරු ඉලන්චේලියන් ඉල්ලයි

යාපනයේ කඩු කල්ලිය කොටුකරන්න/ විනිසුරු ඉලන්චේලියන් ඉල්ලයි

යාපනයේ නීතිය හා සාමය බිදවැටෙන අන්දමට ක්‍රියා කරමින් අහිංසක වැසියන් කඩුවලින් කපා දමමින් ජනතාව බියවද්දන සියළුම කල්ලි ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරණ මෙන් යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චෙලියන් මහතා යාපනයේ පොලිස් ප්‍රධානියාගෙන් ඉල්ලා තිබේ.
මහාධිකරණ විනිසුරුවරයා මෙම ඉල්ලෙම කර ඇත්තේ යාපනයේ වත්මන් තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීමට යාපනය මහාධිකරණ සංකීර්ණයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.
ඉලන්චෙලියන් මහතාගේ ආරාධනයකට අනුව උතුරු පලාත් සභාවේ නියෝජ්‍ය ලේකම් නාගරත්නම් නිශාන්තන්,උතුරු පලාත බාර ජෙයෂ්ඨ නියෝජ‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු කීප දෙනෙකුම සහභාගි වී තිබේ.
මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කොට ඇත්තේ මෙවැනි සිද්ධීන් වලට සම්බන්ධ වන පුද්ගලයින්ට ඇප ලබාදීමට පොලීසිය මැදිහත් නොවන ලෙසයි.
යාපනයේ සාමාන්‍ය ජනජීවිතයට හානි පමුණුවන හා ඊට බාධාකරණ මෙන්ම නීතියට පටහැනිව ක්‍රියා කරණ ඕනෑම පුද්ගලයෙකු වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීමක් කොට ඇති ඉලන්චෙලියන් විනිසුරුවරයා පසුගිය දින කීපයේම යාපනයේ විවිධ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සහභාගී වූ පුද්ගලයින් වහාම අත් අඩංගුවට ගන්නා මෙන් වාර කීපයක්ම පොලීසියෙන් ඉල්ලා තිබේ.

යාපනයේ වැසියන්ට මේ අවස්ථාවෙදී සාධාරණ සමාජයක ජීවත්වීමේ අවශ්‍යතාවයක් ඇති බව සියළු දෙනාම පිලිගත යුතු කාරණයක් බවත් ඊට හානි පමුණුවන පිරිස් වලට නිදහසේ සැගවී ජීවත් වීමට ඉඩ නොතැබිය යුතු බවත් යාපනය මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.

Top