රජයේ හා පාර්ලිමේන්තු නිලධාරීන් ආණ්ඩුව පිළිගත්තා /කැබිනට් ප්‍රකාශක කියයි

ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේ කටයුතු නීත්‍යාණුකූලව, සම්ප්‍රදායාණුකූලව සහ ව්‍යවස්ථාණුකූලව ක්‍රියාත්මක කරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාමේන්තුවේ පැවැති කැබිනට් මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

රජයේ සේවකයින් මෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුවේ නිලධාරීන් ද නව රජය පිළිගෙන ඇති බැවින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ ලිපියේ අන්තර්ගතයේ වටිනාකමක් නොමැති බවයි රඹුක්වැල්ල මහතා කියා සිටියේ.

අමාත්‍යවරු පත් කිරීමට 14 දින දක්වා කාලයක් ඇති බැවින් ඉදිරියට එම කටයුතු සිදුවනු ඇති බවත් කිසිම අරාජික තත්ත්වයක් නොමැති බවත් රඹුක්වැල්ල මහතා සදහන් කළා.

සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ද මෙහිදී අදහස් පල කළා.

කතනායකතුමට කියනවා දේශපාලන කෝණවලින් බලන්නේ නැතිව ව්‍යවස්ථාවට හා නීති රීතිවලට ගරු කරලා පාර්ලිමේන්තුව ආරම්භ කරන්න කියලා.කතානායකවරයාගේ නිවේදනය ප්‍රතික්ෂේප කරනවා.එය වැරදියි. එය වලංගුවන්නේ නෑ.ගම්පෙරළිය වැඩසටහන යටතේ ඉදිරි සති කීපයදී මුදල් යැවීමට ඇති තැන්වලට මුදල් යැවීමට කටයුතු කරනවා.දේශපාලන බලපෑම්වලින් තොරව මුදල් ලබාගැනීමට අවස්ථාව සළසා දිය යුතුයි. ජනාධිපතිවරයා බත්තරමුල්ල ජන හමුවේ දී කළ ප්‍රකාශය කිසිසේත්ම ලිංගික ජනකොටසක් ඉලක්ක කරගෙන සිදු කළ ප්‍රකශයක් නොවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *