රජිනිකාන්ත් (නායකයා) දේශපාලනයට /නව පක්ෂයකුත් හදලා

දකුණු ඉන්දීය සුපිරි රංගන ශිල්පී රජිනිකාන්ත් තමන් නව පක්ෂයක් නිර්මාණය කරමින් දේශපාලනයට පිවිසෙන බව අද නිල වශයෙන් නිවේදනය කළා.
ඒ තමිල්නාඩුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
ඉන්දියාවේ දේශපාලනයට හා තමිල්නාඩුවේ දේශපාලන කඩාවැටීමට විසදුම් ලෙස ජනතාව වෙනුවෙන් නව ගමනක් ආරම්භ කරන බවටයි රජිනිකාන්ත් මෙහිදී ප්‍රතිඥා ලබාදුන්නේ.
පක්ෂයට අවශ්‍ය කාලය පැවතියහොත් 2019 මැතිවරණයටත් නිසැකලෙසම 2021 පාර්ලිමේන්තු මැතිවරණයටත් තරග කර නව රජයක් බිහි කරන බවයි ප්‍රාන්තයේ ජනතාව හමුවේ රජිනිකාන්ත් සදහන් කළේ.
ජනතාවගේ ජීවිත වෙනුවෙන් යහපත් පොරොන්දු මාලාවක් ලබාදෙන බවත් එය වසර 3ක් තුල ඉටු නොකළොත් ධූරයෙන් ඉවත් වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
තලෙයිවා හෙවත් නායකයා ලෙසින් තමිල්නාඩුවේ ප්‍රතට රජිනිකාන්ත්ගේ මෙම තීරණය තමිල්නාඩු ජනතාව දැඩිව සතුටට පත් කර තිඛෙනවා.
ඒ අනුව බොහෝ දෙනකු වීථී බැස ප්‍රිතිඝෝෂා සිදුකරන බවයි එන් ඩී ටී වී පුවත් සේවය වාර්තා කළේ.
කෙසේ වෙතත් තමිල්නාඩුවේ අනෙක් දේශපාලන පක්ෂ මෙම තත්ත්වය හේතුවෙන් දැඩි අර්බුධයකට ලක්ව තිඛෙනවා.
එම පක්ෂ මේ හරහා බැද වැටෙනු ඇති බවටයි විශ්වාසය පලවන්නේ.