රජිව් ගාන්ධි ඝාතකයින් මුදා හැරීමට ඉන්දීය රජය විරුද්ධයි


ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතාගේ ඝාතනයට සම්බන්ධ එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් 7 දෙනා මුදා හැරීමට විරුද්ධ බව ඉන්දීය රජය එරට අධිකරණයට දැනුම්දී තිඛෙනවා.
ඒ එම පිරිස මුදා හරින ලෙස ඉල්ලා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ පෙත්සමකට ප්‍රතිචාර දක්වමිනුයි.
ඒ අනුව වසර 27 ක් සිර දඩුවම් විදින ඝාතනයට සම්බන්ධ පිරිස මුදා නොහරින ලෙසද ඉන්දීය නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිඛෙනවා.
1991 වසරේ මැයි එල් ටී ටී ඊ මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් රජිව් ගාන්ධි මහතා ඝාතනය කරනු ලැබුවා.
ඊට සම්බන්ධ පිරිස මුදා හරින ලෙස පසුගියදා තමිල්නාඩු රජය එරට මධ්‍යම රජයෙන් කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කිරීමටයි පියවර ගැණුනේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.