You are here
Home > ආසන්න-පුවත් > රටේ ව්‍යසනවලට මුල විධායකය / වෙනසක ඇරඹුම – Audio

රටේ ව්‍යසනවලට මුල විධායකය / වෙනසක ඇරඹුම – Audio

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති සියලු ව්‍යසන සදහා මූලික සාධකය විධායක ජනාධිපති ධූරය බව වෙනසක ඇරඹූම සංවිධානය පවසනවා. එම සංවිදානය අද කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් හිටපු අමාත්‍යංශ ලේකම් අශෝක පීරිස් මහතා කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල පවා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට ප්‍රතිඥා ලබාදුන් බවයි.ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන 20 වන සංශෝධනයට සහාය දීම ජනාධිපතිවරයාගේ වගකීමක් බවයි අශෝක පීරිස් මහතා මෙහිදී අවධාරණය කළේ.


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top