You are here
Home > ආසන්න-පුවත් > රට පුරා වෙඩි තියන පාතාලයන් සොයා මෙහෙයුමක්

රට පුරා වෙඩි තියන පාතාලයන් සොයා මෙහෙයුමක්

පුද්ගලයින් වෙඩි තබා ඝාතනය කිරීම, ව්‍යාපාරිකයින් බිය ගන්වා කප්පම් ගැනීම, ඇතුලු පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සඳහා පාතාල නායකයින් වන අංගොඩ ලොක්කාගේ සහ සමයංගේ ගෝලයින් සොයා විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. තලංගම, අතුරුගිරිය හා යක්කල යන ප්‍රදේශ වල මෙම මෙහෙයුම සිදුකළ බවයි පොලිසිය සදහන් කළේ.

මෙම අපරාධ අංගොඩ ලොක්කාගේ සහ සමයංගේ ගෝලයින් විසින් මෙම අපරාධ සිදුකරන බවට හෙළි වී ඇති තොරතුරු මත විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

අතුරුගිය, පෝරේ, තලංගම, මාලඹේ හා යක්කල ප්‍රදේශව මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවත් සැකකරුවන් ගේ නිවාස කිහිපයක් පරීක්ෂා කළ ද එම අවස්ථාවේ සැකකරුවන් නිවෙස් වලින් පැන ගොස් සිටි බවත් සදහන්.

සැකකරුවන්ගේ නිවෙස් පරීක්ෂාවට ලක් කළ භට පිරිස් සැකකරුවන් සම්බන්ධයෙන් ඥාතීන්ට තරයේ අවවාද කර තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය භට පිරිස් මේ වසරේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් වලින් පාතාල සාමාජිකයකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවකු වන දඩල්ලගේ මංජු නැමැත්තා වෙඩි වැදී මියගිය අතර, මධුෂ් , ආමි සම්පත්, අංගොඩ ලොක්කා, සමයං ,දඩල්ලගේ මංජු නැමැති පාතාල සාමාජිකයන්ගේ ගෝලයින් 20 ට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණා.

මොවුන් අතර මධුෂ්ගේ ගොලයෙක් වන චින්තක, පෑලියගොඩ බැරල් සංක, කටානේ දිනුක, ග්‍රෑන්ඞ්පාස් හි පොඩි උණ, කැලණියේ හුනා, මෝදර සාරංග, කුඩු නුවන්, යන කිහිප දෙනෙක් ඔවුන් අතර සිටින බව විශේෂ කාර්ය බලකාය සදහන් කළා.

මෙම වසරේ ගත වු මාස 3 ක කාලය තුළ මෙම කල්ලි විසින් සිදුකළ වෙඩි තැබීම් වලින් පුද්ගලයින් 15 දෙනකු පමණ ඝාතනය ලක් ව තිබෙනවා.

Top