රතන හිමියන් සටන දිනයි / ජනපති එකගයි ?

ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට අදාළව ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
උන්වහන්සේ සදහන් කළේ ඒ බවට ජනාධිපතිවරයා පොරොන්දුවක් ලබාදුන් බවයි.
එම ක්‍රියාත්මක නොවන්නේ නම් අද සිට රජයට විරෝධතා ආරම්භ කරන බවද රතන හිමියන් සදහන් කළා.
ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවද රතන හිමියන් අවධාරණය කර තිබෙනවා.