You are here
Home > ආසන්න-පුවත් > රන්ජන්ගේ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් වෙලා / නීතිපති කියයි

රන්ජන්ගේ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් වෙලා / නීතිපති කියයි

අධිකරණයට අපහාසකළ බවට චෝදනා ලැබ සිටින නියොජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ අදාළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධීකරණයට දැනුම් දී තිබෙනවා.
අදාළ වීඩියෝ ප්‍රකාශය සහිත වීඩියෝ පටය නීතිපතිවරයා විසින් නිරීක්ෂණයට ලක් කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ අන්තර්ගතය තුළින් බැලූ බැල්මටම අධිකරණයට අපහාසයක් සිදුවන බවත් නීතිපතිවරයාගේ පැහැදිලි කිරීමේ සදහන්.
ඒ අනුව අදාළ ප්‍රකාශයට එරෙහි පැමිණිල්ල තවදුරටත් පවත්වා ගෙන යා යුතු යැයි ද නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව සිද්ධියට අදාළ නඩු විභාගය ජුලි 18 වැනි දා කැඳවීමට නියමිතයි.
එසේම මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීම අගවිනිසුරු වෙත යොමු කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබෙනවා.
පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ ශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

Top