රනිල්ගේ විශ්වාසභංගයට මහින්දගේ අත්සන නෑ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගයට හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා නොමැති බව අනාවරණ වනවා.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් මේ සදහා අත්සන් තබා නොමැති මන්ත්‍රීවරු ගණන 2ක් වනවා.
ඉන් එක් අයකු වන්නේ දැනට විදෙස්ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතායි.
මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම අත්‍යවශ්‍ය නොවන බව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇති බවද ප්‍රකාශ වනවා.
කෙසේ වෙතත් මේ සදහා එක්සත් ජාතික පක්ෂයේ හා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 6 දෙනකුගේද සහාය හිමිවනු ඇති බවටයි තොරතුරු වාර්තා වෙමින් පවතින්නේ.