රනිල්ට බහුතර කැමැත්ත පෙන්වන යෝජනාව 12 වනදා පාර්ලිමේන්තුවේ

එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික‍්‍රමසිංහට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.
ඒ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස ප්‍රමුඛ මන්ත්‍රීවරුන් පිරිසක් විසිනුයි.
අදාළ යෝජනාව ලබන බදාදා පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
මෙම අර්බුධය අවසන් කරමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස පත් කිරීමට අදාළ බහුතරය පෙන්නුම් කිරීමයි මෙහි අරමුණ වන්නේ.
ඒ සදහා එක්සත් ජාතික පෙරමුණ ඒකමතික තීරණයක පසුවන බව ප්‍රකාශිතයි.