රනිල් ජනපති / සජිත් අගමැති – එජාපයෙන් නව තේමාවක් ?

රනිල් ජනපති / සජිත් අගමැති යන තේමාවෙන් ඉදිරියට යාමට එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකගේ ඉල්ලීම් ඉදිරිපත්ව පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද ප්‍රකාශ කළා.
අරලිය ගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙසත් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති අපේක්ෂකයා ලෙසත් නම් කිරිම පිළිබඳව පක්ෂ මන්ත්‍රී මණ්ඩලයේ දී’අවධානයට ලක්වූ බවයි.
ඒ අනුව ඉදිරි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී ඒ පීළිබඳව තීරණයකට එළඹීමට නියමිතව ඇති බවද මෙහිදී අනාවරණ කෙරුණා.