රෂීඩ් ඛාන් තුන් ඉරියව්වෙන් අංක 1ට

එක්දින පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ මුල් තැනට පැමිණීමට ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් සමත්ව තිබෙනවා.
ඒ මෙතෙක් දීර්ඝ කාලයක් එහි මුල් තැන පසුවූ බංග්ලාදේශයේ ෂකීබ් අල් හසන් දෙවන තැනට පත් කරමින්.
ඒ අනුව රෂීඩ් ඛාන්ට ප්‍රසාද ලකුණු 353 ක් හිමිව ඇති අතර ෂකීබ් අල් හසන්ට හිමිව ඇති අගය 341 ක්.
ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් නබි ප්‍රසාද ලකුණු 337 ක් සමග 3 වන තැන පසුවනවා.
නවසීලන්තයේ මිචෙල් සැන්ට්නර් 4 වන තැන පසුවද්දී 5 වන තැන පසුවන්නේ පකිස්ථානයේ මොහොමඩ් හෆීස්.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කළ ඇන්ජලෝ මැතිවුස් ශ්‍රේණිගත කිරීමේ 7 වන තැන පසුවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *