රිය අනතුරකට සැකපිට ප්‍රවීන රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

බණ්ඩාරගමදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට ප්‍රවීන රංගන ශිල්පිණියක වන දීපානි සිල්වා මහත්මිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සැකකාර රංගන ශිල්පිණිය පැදවූ මෝටර් රථය ත්‍රීරෝධ රථයක ගැටීම හේතුවෙන් එහි ගමන් කළ දෙදනකු තුවාල ලැබීමේ සිද්ධියට අදාළවයි.
අනතුරෙන් ත්‍රීරෝධ රථය පැදවූ තැනැත්තා සුළු තුවාල ලබා ඇති අතර එහි ගමන් කළ කුඩා දැරියක් බරපතල තුවාල ලබා ඇති බවයි පොලිසිය සදහන් කළේ.
අදාළ රංගන ශිල්පිණිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.