You are here
Home > උණුසුම් පුවත් > රිෂාඩ්ගේ දිවුරුම් ප්‍රකාශය බොරු / අධිකරණයට පෙත්සමක්

රිෂාඩ්ගේ දිවුරුම් ප්‍රකාශය බොරු / අධිකරණයට පෙත්සමක්

රජයේ රක්‌ෂිත කැලෑ පෙදෙසක්‌ වන විල්පත්තුවේ විලච්චිකුලම්හි හෙක්‌ටයාර් 2018 භූමි ප්‍රමාණයක්‌ එළ පෙහෙළි කර පදිංචි නිවාස හා ගොඩනැඟිලි ඉදිකිරීමට එරෙහිව කර්මාන්ත සහ වාණිජ ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාට පවරා ඇති නඩුවට උත්තර බඳිමින් ඔහු උසාවියට ගොනු කර ඇති දිවුරුම් ප්‍රකාශයෙන් අසත්‍ය ප්‍රකාශ කීපයක්‌ කර ඇති බැවින් එම වරදට ඔහුට නිසි දඬුවමක්‌ නියම කරන්නැයි ඉල්ලා එම නඩුවේ පැමිණිලිකරු වන නීතිඥ නාගානන්ද වීරක්‌කොඩි මහතා අභියාචනාධිකරණයට පෙත්සමක්‌ ගොනු කර තිඛෙනවා.

රජයේ රක්‌ෂිත කැලෑව පිහිටි මෙම පෙදෙසේ මුස්‌ලිම් ජනතාව විශාල පිරිසක්‌ පදිංචිව සිටි බවත් එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්‌තවාදය පැවති දිනවල ඔවුන් පදිංචිය අතහැර වෙනත් ප්‍රදේශවලට පලා ගිය බවත් එම නිවාස ඉදිකළේ අවතැන්ව සිටින ජනතාවගේ පදිංචිය සඳහා බවත් ඇමැති බදුර්දීන් මහතා අභියාචනාධිකරණයට ගොනු කළ දිවුරුම් පෙත්සමේ සඳහන් කර තිබුණා.

නීතිඥ වීරක්‌කොඩි මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ ඇමැති බදුර්දින් මහතා දිවුරුම් පෙත්සමෙන් කළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක්‌ බවයි.

වර්ෂ 1972 සහ 1991 වර්ෂවලදී රජයේ මිනින්දොaරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සිතියම්වල විලච්චිකුලම්හි කැලෑ ප්‍රදේශය ජනාවාසයක්‌ව නොතිබුණ බවත් එහි කිසිවෙක්‌ පදිංචිව නොසිටි බවත් පැහැදිලිව පෙන්නුම් කරන බවද නීතිඥ වීරක්‌කොඩි මහතා සිය පෙත්සමෙන් පෙන්වා දෙනවා.. ඒ අනුව ඇමැති බදුර්දීන් මහතා කර ඇත්තේ අසත්‍ය ප්‍රකාශයක්‌ බැවින් ප්‍රථමයෙන් ඔහුට නොතීසි නිකුත් කර උසාවි හමුවට කැඳවා සිදුකර ඇති වරද පෙන්වා දී එම වරදට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 105 (3) වගන්තිය යටතේ දඬුවම් නොකිරීමට හේතු ඇත්නම් විමසන ලෙස දැනුම් දෙන ලෙස නීතිඥ වීරක්‌කොඩි මහතා සිය පෙත්සමෙන් ඉල්ලා තිඛෙනවා..

ඉන් අනතුරුව විභාගයක්‌ පවත්වා අභියාචනාධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කොට නිසි දඬුවමක්‌ ඔහුට නියම කරන ලෙසද පෙත්සම්කරුගේ පෙත්සමේ සදහන්.

විලච්චිකුලම්හි රක්‌ෂිත කැලෑව බලෙන් එළි පෙහෙළි කිරීමෙන් පරිසරය දූෂණය කිරීම ඇතුළු චෝදනා කීපයක්‌ යටතේ රජයේ නිලධාරීන් කීපදෙනකු ට එරෙහිව මෙම නඩුවෙන් චෝදනා එල්ල කර තිඛෙනවා..


අප වෙබ් අඩවියේ පලවන මෙම ප්‍රවෘත්තිය සදහා ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. ඔබේ ප්‍රතිචාරය lankaanews@gmail.com ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න.
Lankaanews
Top