රෂීඩ් ඛාන් පසුබසී / බුම්රා අංක 1 ට

ජාත්‍යන්තර එක්දින පිටියේ නවතම, පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ මුල් තැන පසුවීමට ඉන්දියාවේ ජස්ප්‍රිත් බුම්රා සමත්ව සිටිනවා.
ඒ ප්‍රසාද ලකුණු 797 ක් සමගයි .
මේ දක්වා අංක 1 ස්ථානයේ පසුවූ ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් දෙවන තැනට පත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 788 ක් සහිතවයි.
ඉන්දියාවේ කුල්දීප් යාදෙව් 3 වන තැන පසුවන අතර ඔහුට හිමි ප්‍රසාද අගය 700ක්.
නවසීලන්තටේ ටේ‍රන්ට් බෝල්ට් හට හිමිව ඇත්තේ 4 වන තැනයි.
ඔහු ප්‍රසාද ලකුණු 699 ක් ලබා සිටින අතර ප්‍රසාද ලකුණු 696කට හිමිකම් කියන ඔස්ටේ්‍රලියාවේ ජොස් හෙසල්වුඩ් පසුවන්නේ 5 වන තැනයි.
ලංකාවේ කිසිදු පන්දු යවන්නකු මුල් පන්දු යවන්නන් 10 දෙනා අතරට එක්ව නැහැ.