රුපියල පහතටම වැටෙයි – 160.60 යි

මෙතෙක් ඉතිහාසයේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණයවීමේ ඉහළම අගය වාර්තාවී තිබෙනවා.
ඒ අනුව විනිමය අනුපාතිකයේ දැක්වෙන්නේ ඩොලරයක් වෙනුවෙන් රුපියල් 160.60 ක් ලෙස හුවමාරු අගය සටහන් වූ බවයි. මෙම වසර තුල පමණක් රුපියල සියයට 4.6 කින් අවප්‍රමාණයවී තිබෙනවා.
මෙය අපනයන සදහා වාසිදායක වුවද ශ්‍රී ලංකාව වැනි ආනයන වියදම් ඉහළ රටකට දැඩි බලපෑම් ඇති කරන්නක් බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.